ශ්‍රී ලංකාවේ සිට ආ ISIS ත්‍රස්තයින් සිව් දෙනෙකු ඉන්දියාවේ දී කොටු

ශ්‍රී ලංකාවේ සිට ආ ISIS ත්‍රස්තයින් සිව් දෙනෙකු ඉන්දියාවේ දී කොටු

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහමාබාද් තොටුපළේ දී ගුජරාට් ත්‍රස්ත මර්දන අංශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔවුන් දැඩි ප්‍රශ්න කිරීම් සඳහා හෙළි නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සිව් දෙනා ශ්‍රී ලාංකිකයින් වන බවයි වාර්තා වන්නේ.

ඔවුන් චෙන්නායි හි සිට පසුව අහමාබාද් වෙත පැමිණ ඇති බව සඳහන්.

පසුගිය මාර්තු මාසයේ දී ISIS සංවිධානයට අයත් ඉහළ පෙළේ සාමාජිකයින් දෙදෙනෙකු බංග්ලාදේශයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

Share This