ඉතාලියේ භූ කම්පනයක්

ඉතාලියේ භූ කම්පනයක්

ඉතාලියේ Campi Flegrei ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූ කම්පනයත් සමග Campi Flegrei ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

එමෙන්ම නිවාස සහ ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇති බව වාර්තා වන අතර අදාළ ගිනි කන්ද ආශ්‍රිතව ලක්ෂ 5කට අධික පිරිසක් ජීවත්ව සිටින බව සඳහන්.

ඒ අනුව අදාළ පිරිස එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Share This