
ඉහළ ගිය උද්ධමනය
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.
2024 මාර්තු මාසයේ වාර්තා වූ උද්ධමනය 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා පහළ ගොස් තිබෙනවා.