එවරස්ට් ගොස් අතුරුදන් වූ කෙන්යානු ජාතිකයෙකුගේ මළ සිරුර හමුවෙයි

එවරස්ට් ගොස් අතුරුදන් වූ කෙන්යානු ජාතිකයෙකුගේ මළ සිරුර හමුවෙයි

එවරස්ට් කඳු මුදුන ආසන්නයේ තිබී අතුරුදන් වූ කෙන්යානු කඳු නගින්නෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

40 හැවිරිදි Joshua Cheruiyot Kirui සහ 44 හැවිරිදි ඔහුගේ නේපාල මාර්ගෝපදේශක Nawang Sherpa යන දෙදෙනා අතිරේක ඔක්සිජන් නොමැතිව එවරස්ට් කඳු මුදුන නැගීමට උත්සාහ කරමින් සිටියදී අතුරුදහන් වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අතුරුදන් වූ දෙදෙනා සොයා ගැනීමට යොදවා තිබූ ගවේෂණ කණ්ඩායම තවමත් මාර්ගෝපදේශක Nawang Sherpa සොයාගෙන නොමැති බවයි ප්‍රාදේශීය සංචාරක නිලධාරියෙක් දැනුම් දී ඇත්තේ.

ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම පළපුරුදු කඳු නගින්නන්ට පවා අතිශය දුෂ්කර හා අවදානම් සහගත දෙයක් ලෙසයි සැළකෙන්නේ.

කිරුයි මහතාගේ අවසාන Instagram සටහනේ අමතර ඔක්සිජන් නොමැතිව එවරස්ට් කන්ද තරණය කර හැකි බවට විශ්වාසය කරන බව සඳහන් කර තිබෙනවා.

ඔහු කෙන්යාවේ විශාලතම ණය දෙන්නෙකු මෙන්ම බැංකුකරුවෙකුද වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහුගේ මරණය පිළිබඳ පුවත කෙන්යානු කඳු නැගීමේ ප්‍රජාවට දැඩි ලෙස බලපා ඇති බව සඳහන්.

කිරුයි මහතාගේ මරණය මේ සතියේ එවරස්ට් තරණය කළ සිව්වැනි මරණය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This