ස්පාඤ්ඤයේ Majorca දූපතේ ගොඩනැගිල්ලක් කඩාවැටී 04දෙනෙකු මරුට

ස්පාඤ්ඤයේ Majorca දූපතේ ගොඩනැගිල්ලක් කඩාවැටී 04දෙනෙකු මරුට

ස්පාඤ්ඤයේ Majorca දූපතේ දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම දූපතේ Cartago වීදියේ වෙරළබඩ ආසන්නයේ අනතුර සිදුවූ අවන්හල තුළ තවත් කිහිපදෙනෙකු සිරවී සිටින බවද සඳහන්.

සිද්ධියෙන් කම්පනයට පත්වූවන් වෙනුවෙන් මනෝවිද්‍යා විශේෂඥයින් එම ස්ථානයට ගෙන්වා ගෙන තිබෙනවා.

බ්‍රහස්පතින්දා සවස ආයතනයේ තට්ටුව කඩා වැටී ඇති අතර, Medusa Beach Club හි සිටි මිනිසුන් පහළම මාලයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

කඩා වැටීමෙන් පීඩාවට පත් වූවන්ගෙන් වැඩි දෙනෙක් විදේශිකයන් සහ සංචාරකයින් වනවා.

ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez විපතට පත්වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර අවශ්‍ය සියලු ආධාර ලබාදීමට තම රජය සූදානම් බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share This