ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටර් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටර් අනතුරේ මූලික වාර්තාව නිකුත් වෙයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිස ගමන් ගත් හෙලිකොප්ටර් අනතුරේ මූලික වාර්තාව නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

මූලික වාර්තාව පවසන්නේ අනතුරට හේතුවන සාපරාධී ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති නමුත් විමර්ශනය අවසන් කර නොමැති බවයි.

එමෙන්ම හෙලිකොප්ටර් සුන්බුන් මත “උණ්ඩ සිදුරු” පිළිබඳ කිසිදු හෝඩුවාවක්ව මෙතෙක් සොයාගෙන නොමැති බවත් එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවා

ඒ අනුව අනතුර පිළිබඳ මූලික වාර්තාවක සඳහන් වන්නේ යානය කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් පසු ගිනි ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටීමට පෙර සැලසුම් කළ මාර්ගයක පියාසර කර ඇති අතර නියමිත ගුවන් ගමන් මාර්ගයෙන් පිටතට ගොස් නොමැති බව ද එම වාර්තාවේ දැක්වෙනවා

Share This