ඉන්දීය මහ මැතිවරණයේ හයවන අදියර ඇරඹෙයි

ඉන්දීය මහ මැතිවරණයේ හයවන අදියර ඇරඹෙයි

අදියර 7 කින් යුක්ත ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ආරම්භ කර තිබෙනවා.

මැතිවරණයේ අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

6 වැනි අදියරේ දී බිහාර්, බෙංගාලය, දිල්ලි, හර්යානා, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් සහ ජම්මු කාශ්මීරයේ එක් ආසනයක් වෙනුවෙන් ඡන්දය පැවැත්වෙනවා.

නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂය වන අතර දිල්ලි මහ ඇමැති ධුරය හොබවන්නේ පක්ෂ නායක අරවින්ද් කෙජ්රිවාල් විසින්.

Share This