පැපුවා නිව්ගිනියාවේ නාය යාමෙන් මිය ගිය ගණන ඉහළට

පැපුවා නිව්ගිනියාවේ නාය යාමෙන් මිය ගිය ගණන ඉහළට

පැපුවා නිව්ගිනියාවේ නාය යාමෙන් 300කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ මිය ගිය පිරිස සහ නිවාස 1,100කට අධික සංඛ්‍යාවක් පස් වලට යට වී වැළලී ඇති බවයි

ඊයේ අලුයම කාලයේ මෙම නාය යාම සිදුවන අවස්ථාවේ බොහෝ ගම්වැසියන් නිවසේ නිදා ගෙන සිට ඇති බව සඳහන්

නාය යෑමෙන් අධිවේගී මාර්ග ප්‍රවේශය ද අවහිර වී ඇති අතර, ගලවා ගැනීමේ සහ සහන කණ්ඩායම් එම ප්‍රදේශයට හෙලිකොප්ටර් මගින් ළඟා වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

සමස්තයක් වශයෙන්, ගම්මාන හයකට වැඩි ප්‍රමාණයක් නාය යාමෙන් පීඩාවට පත්ව ඇති බවද පැවසෙනවා

Share This