ගුරු වෘත්තියේ ගෞරවය සුරැකීමට කැපවන්න -ජනපති රනිල්-

ගුරු වෘත්තියේ ගෞරවය සුරැකීමට කැපවන්න -ජනපති රනිල්-

අතීතයේ යාපනයේ පැවති “යාපන ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ අතර එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේ පැවති යාපනය දිස්ත්‍රික් ගුරු ප්‍රදානෝත්සවය අමතමින්.

එමෙන්ම ගුරු වෘත්තීය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂණය කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රත්ක්ෂේපවන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

තවද වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සිදුකෙරුණු බව සඳහන්.

Share This