සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කරගත් නීතියෙන්ම ආපසු සින්නකර අයිතිය දෙනවා -ජනපති රනිල්-
විප්ලවයකින් තොරව, අධිකරණයේ සිරවී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවාගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද(26) පුදුකුඩියිරිප්පු මධ්‍ය විද්‍යාලයේ පවතී “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වව්නියා දිස්ත්‍රික් වැඩසටහනට එක වෙමින්.
මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වව්නියා රෝහල ප්‍රධාන රෝහලක් ලෙස සංවර්ධනය කරන බවයි.
තවද වව්නියා විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිප්පතිවරයා සඳහන් කළා.
වව්නියා දිස්ත්‍රික්කය තුළ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව නැවත පදිංචි කළ පිරිසටද කඩිනමින් ඉඩම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 05ක් ආවරණයවන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණා.
එමෙන්ම “උරුමය” වැඩසටහනට යටතේ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිත බව සඳහන්.