
Belt and Road ශූරතාවලියේදී අරුණට පළමු තැන
ශ්රී ලාංකික ක්රීඩක අරුණ දර්ශන විසින් චීනයේදී පැවැත්වෙන “Belt and Road” ආරාධිත මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිම කිරීමට ගතකළ කාලය තත්පර 45.48ක් බවයි සඳහන් වන්නේ.
