ජාතික ජ්‍යේෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දියගමදී

ජාතික ජ්‍යේෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දියගමදී

ජාතික ජ්‍යේෂ්ඨ ශූරතා පිරිමි සහ කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේ 102 වැන්න ජූනි මස 25, 26, 27 හෝමාගම, දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කඩයිම් තරගයක් ලෙසද මෙය පිළිගැනීමට නියමිතයි.

තරගයට සහභාගී වන අය 2024 වසර ආශ්‍රිතව සටහන් කරගෙන ඇති උපරිම දක්ෂතාව තම අයදුම් පත්‍රය සමගින් යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරන්නේ.

සියලුම අයදුම්පත් ජූනි 18 දිනට පෙර ලැබෙන පරිදි සමන් කුමාර ගුණවර්ධන මහතා, ලේකම්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, අංක 33, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුයි.

Share This