රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු යළි රිමාන්ඩ්
රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ චම්පිකා එක්ස්පෝර්ට් විදේශ රැකියා ආයතනයේ හිමිකරු හා එහි කළමනාකරු ජූනි මස 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (30) යළි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන් බව සඳහන්.
එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර, සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බවට ලද පැමිණිලි 7ක් අනුව සැකකරුවන් දෙදෙනා මැයි මස 15 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධිකයි.
කිසිඳු හමුදාවක සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරිම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මගින් කිසිඳු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කරන ලෙසයි අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.