විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවැනි පුහුණුව අද

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවැනි පුහුණුව අද

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පුහුණු තරගය අද (31) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අයර්ලන්තය සමගයි.

එම තරගය ලෝන්ඩර්හිල්හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙවර විස්සයි – 20 ලෝක කුසලානයේ මූලික වටයේ තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ එළඹෙන ජුනි මස 02 වැනිදායි.

එම මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

එම කාණ්ඩයට ඇතුළත් අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, නේපාලය, නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

Share This