විස්සයි විස්ස පළමු තරගයෙන් අමෙරිකාවට සුපිරි ජයක්

විස්සයි විස්ස පළමු තරගයෙන් අමෙරිකාවට සුපිරි ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා.

ඒ, කැනඩාවට එරෙහිව කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ අමෙරිකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය අමෙරිකාව පන්දුවාර 17යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ Aaron Jones ලකුණු 94ක් සහ Andries Gous ලකුණු 65ක් වාර්තා කළා.

Share This