ශ්‍රී ලංකාව අසීරු අඩියක

ශ්‍රී ලංකාව අසීරු අඩියක

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 77ක් පමණයි.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුව පහරදීමටයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු විස්සේ සීමාව හෝ පසු කරගෙන යාමට අවස්ථාව ලැබුණේ නැහැ.

එමෙන්ම නායක වනිඳු හසරංග, සධීර සමරවික්‍රම, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර යන ක්‍රීඩකයින් කිසිඳු ලකුණක් ලබා ගැනීමට සමත් නොවීම ද විශේෂත්වයක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 19යි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 78ක්.

Share This