උගන්ඩාව පරදා ඇෆ්ගනිස්ථානය ජයගනී

උගන්ඩාව පරදා ඇෆ්ගනිස්ථානය ජයගනී

T-20 ලෝක කුසලානයේ ඊයේ(03) පැවති 05වැනි තරගයේදී ජය ගැනීමට ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ උගන්ඩාවට එරෙහිව පැවති තරගයේදී ලකුණු 125කින් උගන්ඩාව පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ උගන්ඩාව තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 184ක ඉළක්කයක් සහිතව පිටියට පිවිසි උගන්ඩා කණ්ඩායමට පන්දුවාර 15ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගැණීමට හැකි වුණේ ලකුණු 58ක් පමණයි.

ඒ අනුව T-20 ලෝක කුසලානයේ 05 වන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

Share This