වෙරළ වොලිබෝල් ශූරතා දකුණට සහ වයඹට

වෙරළ වොලිබෝල් ශූරතා දකුණට සහ වයඹට

48 වන ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාවය දකුණු පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාවය වයඹ කණ්ඩායමත් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරගාවලියේ දී පිරිමි අවසාන මහා තරගය දකුණු පළාත් කණ්ඩායම සමග වයඹ පළාත් කණ්ඩායම අතර පැවති අතර එයින් දකුණු පළාත් කණ්ඩායම ජයග්‍රහණය කළා.

එම කණ්ඩායමට නාමල් තුෂාර සහ මලිත් සිල්වා යන ක්‍රීඩකයෝ ඇතුළත් වූ බව සඳහන්.

වෙරළ වොලිබෝල් අවසාන මහා තරගයේ කාන්තා අවසාන මහා තරගය සඳහා වයඹ පළාත් කණ්ඩායම සමග නැගෙනහිර පළාත් කණ්ඩායම තරග වැදුණු අතර එහිදී වයඹ පළාත් කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගත්තා.

එම කණ්ඩායමට දිනේෂා ප්‍රසාදිනී සහ ඒ. ඩබ්ලිව්. තුෂාරි යන ක්‍රීඩිකාවන් දෙපළ ඇතුළත් වී සිටි බව සඳහන්.

Share This