සංචාරක ආයෝජන සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය

සංචාරක ආයෝජන සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය

දිවයින පුරා වෙරළ තීරයේ සිට කිලෝමීටරයක දුරක් දක්වා වන ගොඩබිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංචාරක ක්ෂේත්‍රයට අදාල ආයෝජන සදහා අනුමැතිය ලබා දීම කඩිනම් කර තිබෙනවා.

සංචාරක ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එය නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට ආරම්භ කර ඇති කඩිනම් සේවා ඒකකය (One stop Unit) මගින් ක්‍රියාත්මක කරන බවයි.

සංචාරක ආයෝජන සදහා අදාළ අයදුම්පත ඉදිරිපත් කර දින 10 ත් 21 ත් අතර කාලය තුළ අනුමැතිය ලබාදීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Share This