කුරුළු උණ නිසා සිදුවූ ලොව පළමු මරණය

කුරුළු උණ නිසා සිදුවූ ලොව පළමු මරණය

කුරුළු උණ හෙවත් H5N2 හේතුවෙන් මෙක්සිකෝවේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා පසුගිය අප්‍රේල් මාසයේදී මියගොස් ඇති අතර ඔහුට වැළඳී ඇත්තේ කුරුළු උණ බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව කුරුළු උණ හේතුවෙන් ලොව වාර්තා වූ පළමු පුද්ගල මරණය මෙය වන බව සඳහන්.

එම පුද්ගලයා වෛරසයට නිරාවරණය වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

කෙසේවෙතත් මෙක්සිකෝවේ කුකුළු මස්වල තිබී කුරුළු උණ වෛරසය වාර්තා වී තිබෙනවා.

ඔහු 59 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු වන අතර ඔහු සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් පරීක්ෂාවන්ට ලක් කර ඇති නමුත් ඔවුන් තුළින් එම වෛරසය පවතින බවට හඳුනාගෙන නැහැ.

Share This