පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දු 6 තුළ ලකුණු 18ක් රැස් කළ අතර පාකිස්ථාන කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 13ක් පමණයි.

ඒ අනුව අමෙරිකානු කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායම පරදවා ලකුණු 5ක ඓතිහාසික තරග ජයක් හිමි කරගැනීමට සමත් වූ බව සඳහන්.

Share This