මෝදි ලොකු අර්බුදයක – හවුල් පක්ෂ ඇමැති ධුර ඉල්ලයි

මෝදි ලොකු අර්බුදයක – හවුල් පක්ෂ ඇමැති ධුර ඉල්ලයි

ඉන්දීය නව ආණ්ඩුව සමග සන්ධානගතවීමට නියමිත පක්ෂ හා කණ්ඩායම් කැබිනට් ඇමති තනතුරු දහයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී තෙලිඟු දේශාම් පක්ෂය එනම් චන්ද්‍රබාබු නායිඳුගේ පක්ෂය ලෝක් සභාවේ කථානායක තනතුර ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ තත්ත්වයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එසේම කැබිනට් ඇමති තනතුරු 05ක් ඉල්ලා ඇති අතර බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂය කැබිනට් ඇමති තනතුරු තුනක් ඉල්ලා ඇති බව සඳහන්.

එමෙන්ම ෂින්ඩේ පාර්ශ්වය එක් කැබිනට් තනතුරක් ඉල්ලා ඇති අතර මහ මැතිවරණයේදී මේ පක්ෂයට ආසන හතක් හිමිව තිබෙනවා.

මේ සියලු ඉල්ලීම් නිසා මෝදිට ඉදිරි පාලන කටයුතුවලදී අසීරුතාවලට මුහුණ දීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This