ආනයන තහනම් කළ කාලය තුළදී වාහන 44,430ක් වෙළෙඳපොළට

ආනයන තහනම් කළ කාලය තුළදී වාහන 44,430ක් වෙළෙඳපොළට

ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ

ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් පවතින බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතින බවද මෙහිදී සඳහන් කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කර ඇති බව සඳහන්

ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි

ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇති බවද ඔවුන් මෙහිදී කියා සිටියා

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා පැවසුවේ දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම කෙරෙහි රජය නිරන්තරයෙන් සහය දක්වන බවයි

Share This