ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට සූදානම්

ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට සූදානම්

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ලබන ජූලි 15 වැනිදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටලු කඩිනමින් විසඳාලමින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි

වසර කිහිපයක් නතර වී තිබූ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සහ මාතලේ කෘත්‍රිම හොකීපිටිය නවීකරණය කරමින් ඇති බව සඳහන්.

ඒ යටතේ මාතලේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 140ක් සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 160ක් වැය කර තිබෙනවා

එමෙන්ම, ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 67ක් මේ වන විට ලියාපදිංචි වී ඇති අතර ඉන් ජාතික ක්‍රීඩා සංගම් 05ක් අවලංගු කර තිබෙනවා

එමෙන්ම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයල ශ්‍රී ලංකා රග්බි සම්මේලනයල ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය පසුගිය මැයි 31 වැනිදාට පෙර යාවත්කාලීන කර නොමැතිවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන්.

ඒ අනුව ගැටලු විසඳා ගැනීමත් සමඟ ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට හැකියාව පවතින බවයි එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Share This