කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනයේදී නීතියේ රැහැනට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 60ට අධික තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවී තිබෙනවා.

ඒ යාපනය වල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී.

එහිදී එම සැකකරුගෙන් ලද තොරතුරු මත එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ උර දෙකක් තුළ පාර්සල් විසි නවයක අසුරන ලද කේරළ ගංජා කිලෝ 60 ග්‍රෑම් 300 ක පමණ තොගයක් ද සැකකරු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බව සඳහන්.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 24 ට අධික බවයි සඳහන් වන්නේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන යාපනය, තාලයඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරු පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

Share This