2025 වසරට අතුරු සම්මත ගිණුමක්

2025 වසරට අතුරු සම්මත ගිණුමක්

2025 වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අතුරු සම්මත ගිණුම මගින් එම වසරේ මුල් මාස කිහිපය තුළ අදාළ වියදම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි

එමෙන්ම, අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ඉදිරිපත් නොවන බවත්, ඒ තුළින් මේ දක්වා සිදුකළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම, අස්වැසුම ඇතුළු අනිකුත් වියදම් සිදුකිරීමට පමණක්ම අවසර ගන්නා බවත් ඔහු පැවසුවා

Share This