චීනයේදී අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙකුට පිහි ප්‍රහාරයක්

චීනයේදී අමෙරිකානු ජාතිකයින් සිව් දෙනෙකුට පිහි ප්‍රහාරයක්

චීනයේ පොදු උද්‍යානයකදී සිදුවූ පිහි ඇනුමකින් අමෙරිකාවේ ගුරුවරුන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අයෝවා කෝනෙල් විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක් දිවා කාලයේදී ආගමික ස්ථානයක් වෙත යමින් සිටින අවස්ථාවේ නාඳුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

පිහි ඇනුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Share This