නැවතුම්පොළ කඩාගෙන බස් රථයක් ධාවනය වී පස්දෙනෙකු රෝහලේ (VIDEO)

නැවතුම්පොළ කඩාගෙන බස් රථයක් ධාවනය වී පස්දෙනෙකු රෝහලේ (VIDEO)

කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් බස් නැවතුම්පොළට ඇතුළු කිරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිතවී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවු බවයි වාර්තා වන්නේ.

පාදුක්ක පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල ගත කිරීමට එම අවස්ථාවේ එහි සිටි පිරිස කටයුතු කළා.

බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර, රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Share This