බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

බංග්ලාදේශ සැලසුම් අමාත්‍යාංශයේ හා ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ ඇගයීම් අංශයේ සහ ඇගයුම් සංගමයේ නියෝජිතයින්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සමඟ සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී පවත්වා තිබෙනවා.

ඇගැයීම් උපයෝගී කර ගනිමින් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡාවී ඇති බව සඳහන්.

ජාතික ඇගැයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව ඇතුළුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ ජාතික ඇගැයීම් සංස්කෘතිය ස්ථාපිත කිරීම සහ ඇගයීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳව බංග්ලාදේශ නියෝජිතයෝ ශ්‍රී ලංකා රජයට මෙහිදී සිය ප්‍රශංසාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This