ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට – ICCයෙන් නිවේදනයක්

ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට – ICCයෙන් නිවේදනයක්

2024 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත් වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේ මේ වන විට සහභාගි වූ තරග තුනෙන් දෙකක් ම පරාජය වූ අතර, නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව නිසා අත්හැරීමට තරග පාලක මණ්ඩලය තීරණය කර තිබුණා.

කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවසන් බලාපොරොත්තුවද ඊයේ සුන්වී ගියා.

ඒ ඊයේ (13) බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ දී බංග්ලාදේශය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

එළඹෙන ජුනි 17 වනදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය අතර තරග කිරීමට නියමිත වී ඇති අතර එම තරගය ජයග්‍රහණය කළත් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉවත් වී ඇති බවයි ICCය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This