ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ප්‍රථම එක්දින තරගය අද

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ප්‍රථම එක්දින තරගය අද

අයි.සී.සී. කාන්තා එක්දින ක්‍රිකට් ශූරතා තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම තරගය අද(15) හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලියේ දෙවන තරගය 18ත්, තෙවන තරගය 21ත් හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සඳහන්.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හේලි මැතිව්ස්ට හිමිව තිබෙනවා.

මේ වන විට අයි.සී.සී. කාන්තා එක්දින ක්‍රිකට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව් කාන්තාවන් 7 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් පසුවනවා.

එසේම අවසන් වරට එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවන් එකිනෙකා මුණගැසී ඇත්තේ 2017 වසරේදී වන අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති එම තරගාවලියෙන් තරග 3-0ක පූර්ණ ජයක් කොදෙව් ක්‍රීඩිකාවන්ට හිමි වූ බව සඳහන්.

Share This