මුහුණට මුහුණ හමුවූ ඉන්දීය – කැනඩා අගමැතිවරු

මුහුණට මුහුණ හමුවූ ඉන්දීය – කැනඩා අගමැතිවරු

G-7 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ මුහුණට මුහුණ හමුවක් පවත්වා තිබෙනවා.

ඒ, ඉන්දියාව හා කැනඩාව අතර විරසකයක් පවතිද්දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ කැනඩාවේදී ඉන්දීය සීක් ජාතිකයෙකු මියගියා.

ඉන්දියාව කියා සිටියේ ඔහු ඉන්දියාවේ සික්වරුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලන සීක් කලිස්තානී ත්‍රස්තවාදියෙක් බවයි.

නමුත් කැනඩාවට ඔහු කැනේඩියානු පුරවැසියෙක් බවයි කැනඩාව දිගින් දිගටම කියා සිටියේ.

හර්දීප් සිං නමැති මොහු වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉන්දීය නියෝජිතයන් විසින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දියාවට චෝදනා කළා.

ඒ අනුව කැනඩාවත් ඉන්දියාවත් අතර අර්බුදයක් නිර්මාණය වූ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාද බිඳ වැටුණා.

කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතරේ පැවැත්වුණු සාකච්ඡා සාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This