පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වටලයි

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වටලයි

රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම්ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් ඊයේ (14) වටලා තිබෙනවා.

එම සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 වියේ පසුවන අයෙක්.

මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් කළ ඉල්ලිමක් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න හා මහජන සෞඛ්‍ය පරික්ෂක පද්මසිරි බණ්ඩාර යන මහත්වරු විසින් සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදි ලොරි රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හරින ලද බවත් නැවත නඩු විභාගය අගෝස්තු මස 2 දින කැඳවීමටත් අධිකරණයෙන් නියම කළ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න මහතා කියා සිටියා.

Share This