අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ මිචිගන්හි සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාගේ මළ සිරුරද අදාළ ස්ථානය ආසන්නයේ තිබී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග අදාළ ප්‍රදේශයේ නිවැසියන්ට, නිවෙස් තුළටම වී සිටින ලෙස එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

Share This