කෙහෙළිය හිටපු කාලයේ ඖෂධ හදලා තියෙන්නේ කිරි, පලතුරු මැෂිමකින්ලු?

කෙහෙළිය හිටපු කාලයේ ඖෂධ හදලා තියෙන්නේ කිරි, පලතුරු මැෂිමකින්ලු?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාල සීමාවේදී මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරනු ලබන සමාගමකින් බවට විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

අදාල ඖෂධ නිෂ්පාදනය කරනු ලැබු ආයතනය කිසිදු අවස්ථාවක එම ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ආනයන කර නොමැති අතර 2017-2021 කාල සීමාවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණයක්, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බවයි එහි දැක්වෙන්නේ.

2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ සමාගම පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිඳු පහසුකමක් නොතිබුණු බවට තහවුරු වී ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන්.

Share This