කිසිඳු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා -ඇමති ජානක වක්කුඹුර-

කිසිඳු පාරිසරික නීතියක් ආපසු නොහරවන ලෙස ජනපති උපදෙස් දී තිබෙනවා -ඇමති ජානක වක්කුඹුර-

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිඳු නීතියක් කිසිඳු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

වත්මන් පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ලෙස නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

මෙරට සතු වටිනා ඛණිජ සම්පත් පරිසර හිතකාමීව රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

Share This