පොසොන් සමය නිමිත්තෙන් අනුරාධපුර පාසල් 12කට නිවාඩු

පොසොන් සමය නිමිත්තෙන් අනුරාධපුර පාසල් 12කට නිවාඩු

ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දොළහකට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව එළඹෙන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම පාසල්වලට නිවාඩු ලබා දීමටයි තීරණය කර ඇත්තේ

පොසොන් සතිය තුළ විශේෂ රාජකාරි සඳහා පැමිණෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට තාවකාලිකව නවාතැන් ගැනීම සඳහා මෙම පාසල් ලබා දීමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශ පියවර ගෙන තිබීම හේතුවෙන් අදාළ පාසල්වලට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන්

මෙහිදී අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අනුරාධපුර මධ්‍යම මහා විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය, වලසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය , නිවත්තක චේතිය මහා විද්‍යාලය , දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය ,මහා බෝධිය විද්‍යාලය , සහිරා මහා විද්‍යාලය, තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය සහ ගලෙන්බිදුනු වැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලය මහා විද්‍යාලය, කම්ම ලක්කුලම විද්‍යාලය, පතිරාජ තෙන්නකෝන් විද්‍යාලය සඳහා නිවාඩු ලබා දී තිබෙනවා

Share This