ජල සැපයුම් නළයක් පුපුරා ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ

ජල සැපයුම් නළයක් පුපුරා ප්‍රදේශ කිහිපයකට ජලය නැහැ

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළයක් පුපුරායාමට ලක්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සඳහා බාධා එල්ල වී ඇති බවයි ජාතික ජල සම්පාදන සහ ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ.

ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නළයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

Share This