ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජය

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 83ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.

එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැඟින් ලබා ගැනීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

එහිදී නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර වනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් වුණා.

Share This