වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය පවසනවා

එමෙන්ම මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ නොහැකි මට්ටමකට පවත්ව ඇති බව සඳහන්

ඩෙංගු රෝගීන්ගෙන් 46.3% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඉන් 8% ක් වාර්තා වී ඇත්තේ කොළඹ නාගරික බල ප්‍රදේශයන්ගෙන් බවයි එම ඒකකය පැවසුවේ

පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 12.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා

මේ අනුව ගම්පහ , කලුතර , මහනුවර , රත්නපුර , කුරුණෑගල , ගාල්ල ආදී ප්‍රදේශ ඩෙංගු ව්‍යාප්තිය සුලභ ප්‍රදේශ ලෙස මේ වන විට හදුනා ගෙන ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් සදහන් කළේ

Share This