මේ වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මකයි -ඇමති ශෙහාන් සේමසිංහ-

මේ වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මකයි -ඇමති ශෙහාන් සේමසිංහ-

2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ධනාත්මක 5.3% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එය 2023 වසරේ එම කාර්තුවේ වාර්තා වූ 10% ක සෘණ වර්ධන වේගයට වඩා සැලකිය යුතු දියුණුවක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දළ දේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී රු. මිලියන 3,161,963 ක් වාර්තා වී තිබෙන බව සඳහන්.

2024 වසරේ පළමු කාර්තුවේ දී එය රුපියල් මිලියන 3,329,583ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මෙය පෙර වසරේ පළමු කාර්තුවේ අත්විඳින ලද පසුබෑමට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වර්ධනයක් වන අතර රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධන පිළිබඳ විශ්වාසය ඉහළ නංවමින් ධනාත්මක ලෙස බලපානු ඇති බවයි පෙන්වා දෙන්නේ.

Share This