ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පුත්තලමේදී
ආරක්ෂිත සංක්‍රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා.
පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ එම වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු බව සඳහන්.
වර්තමානයේදී ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන අතර එහිදී ඔවුන් මිනිස් වෙළෙඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නීති අංශය හා මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය මගින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දීප ව්‍යාප්තව සිදුකරන බවයි වාර්තා වන්නේ.
මෙමඟින් රටේ ජනතාව විදේශ රැකියා වංචාවන්ගෙන් වළක්වා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීම කාර්යාංශය අපේක්ෂා කරන බව සඳහන්.