
ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කිරීමක්
ආරෝපිත කුලී ආදායම් බද්ද ගැන පැහැදිලි කිරීමක් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපොළ බද්ද පිළිබඳව දක්වා ඇති බවයි එහි දැක්වෙන්නේ
මේ පිළිබඳව පැතිර වන ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ එම බද්ද තුළින් අවධානය යොමුකර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවයි
ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයින්ට අයත් දේපළ මත බද්ද අයවන බවට තහවුරු වෙන පරිදි සුදුසු බදු නිදහස් සීමාවන් පැනවීම තුළින් මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බවද එහි දැක්වෙනවා
එමෙන්ම 2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% ක සහ 2026 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක ආදායමක් මෙම බද්ද තුළින් අපේක්ෂා කිරීම යන කරුණ මෙම විශේෂිත ඉලක්කයන් සඳහා සාක්ෂි දරණ බවද එහි වැඩිදුරටත් සඳහන්