මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ සිදුකළ වසර ලෙස 2022-2024 කාල වකවානුව සැලකෙයි

මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ සිදුකළ වසර ලෙස 2022-2024 කාල වකවානුව සැලකෙයි

2022-2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදුකළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පවසනවා.

එහිදී අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව 2022 වර්ෂයේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති බව සඳහන්.

එමෙන්ම තවත් කෙටුම්පත් 07ක් සහ නීති සංශෝධන 44ක් ඉදිරියේදී සම්මත කර ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා.

එසේම සෑම අමාත්‍යාංශයකම නීති කෙටුම්පත් කිරීම වෙනුවෙන් තම අමාත්‍යාංශය විශාල කාර්යභාරයක් ඉටුකරන බව පැවසූ ඒ මහතා 2022 වර්ෂයේදී 273ක් හා 2023 වර්ෂයේදී 299ක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරදී තිබෙන බවද සඳහන් කර සිටියා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (17) “දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

Share This