අනුරාධපුර – මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ
අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කර තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම ව්‍යාපෘතිය ඉන්දියානු ණය ආධාර යටතේ ඉදිකර තිබෙන බව සඳහන්.
මහව ඕමන්ත ව්‍යාපෘතියේ අදියර හතර යටතේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය මඟින් අලුතින් ඉදිකරන ලද දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 1.8ක් වන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 220ක්.
කි. මී.14.78ක මෙම මාර්ගයට පාලම් දෙකක් ඇතුළත් වන අතර මින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම්පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත් වනවා.