කුරුණෑගලට බෙදූ බිත්තර රැක්කවීමේ යන්ත්‍ර
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
චීන රජයෙන් ලද මෙම එක් යන්ත්‍රයක් මඟින් පවුල් කිහිපයකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රීත ගම්මානවල පවුල් රැසකට මෙමඟින් වක්‍ර ප්රතිලාභ හිමි වන බව සඳහන්.
ආදායම් උපයන මාර්ග වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩි දියුණු කිරීම, රටේ පොදු බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම හා ග්‍රාමීය ව්‍යවසායකයන් බිහි කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂිත අරමුණු ලෙස සඳහන්.
මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පෝෂ්‍යදායී ආහාර වේලක් භුක්ති විදීමේ හැකියාව ඇති කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය රජය විසින් රට පුරා ව්‍යාප්ත කර ඇති බවයි.
එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් තත්ත්වය පියවරෙන් පියවර නගා සිටුවීමද මෙහි ප්‍රධාන අරමුණක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
කුකුළු පැටවුන් ඇති කිරීම ග්‍රාමීය ගෘහ කර්මාන්තය ලෙස ව්‍යාප්ත කිරීම ඉතා වැදගත් අතර ග්‍රාමීය පවුල් අතර නිසි පුහුණුවක් තුළින් මෙම ව්‍යපාරය පවත්වා ගෙන යා හැකි බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.