ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය නාගදීපයේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය නාගදීපයේ දී

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍රව ජුනි 22 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සම්මේලනය සඳහා රටවල් 24ක් නියෝජනය කරමින් දූතයින් 350ක් සහභාගී වීමට නියමිතයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක හිමියන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ බුදුදහමට එල්ල වන අභියෝග හා එයට මුහුණ දෙන ආකාරය සහ නිවැරැදි බුදු දහම අවබෝධ කර ගැනීම, පැතිරවීම සම්මේලනයේ අරමුණ බවයි.

මෙවර සම්මේලනය යාපනය කේන්ද්‍ර කර ගැනීම සුවිශේෂි වන අතර සියලුම ජාතීන් අතර සාමකාමී සුහදත්වයක් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට මෙය මහගු අවස්ථාවක් බව යාපනය දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ යාපනය දිස්ත්‍රික් සභාපති, යාපනය නාගදීප විහාරාධිපකාරී පූජ්‍ය දියමයිලගස්වැව අරියකිත්ති තිස්ස නායක හිමියන් පවසනවා.

මේ අතර ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ආර්. පී. ප්‍රියන්ත කුමාර මහතා සඳහන් කළේ සම්මේලනය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි.

Share This