මිහින්තලේදී ලොරි රථයක් හා ඉන්ධන බවුසරයක් ගැටී අනතුරක් – දෙදෙනෙකුට තුවාල
මහනුවර – යාපනය ඒ 9 මාර්ගයේ දී එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් මිහින්තලේ පොලිසිය පවසනවා.
එම මාර්ගයේ, මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේදී අද (20) අලුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති ඇති බව සඳහන්.
අනතුරින් මෙලෙස රෝහල ගතකර ඇත්තේ, එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන බවයි පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූ ලොරි රථ රියදුරා සහ රිය සහයක යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
එළවළු ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටු පස ගැටීමෙන් එළවළු ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.
එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.