තරුෂි ආසියානු වාර්තාවක් තබයි

තරුෂි ආසියානු වාර්තාවක් තබයි

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ හෙළීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂී කරුණාරත්න පසුගියදා සමත් වුණා.

ස්පාඤ්ඤයේ බිල්බාවෝ නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේදී මීටර් 800 වෙනුවට මීටර් 600 තරග ඉසව්වට සහභාගි වෙමින් එහිදී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ බව සඳහන්.

එහිදී මිනිත්තු 01.24.84 ක තරග නිමි කාලයක් සටහන් කළ තරුෂි මිනිත්තු 01.28.06 ක් ලෙස ජපන් ක්‍රීඩිකාවක නමින් පැවති මීටර් 600 ආසියාතික වාර්තාව බිඳ දැමීමට සමත් වුණා.

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමට අනුව ‘සී’ කාණ්ඩයේ (Bronze Label) තරගාවලියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී මීටර් 600 අවසන් තරගයට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩිකාව ද තරුෂී කරුණාරත්න වුණා.

මීටර් 800 වත්මන් ආසියාතික රන් පදක්කමට හිමිකම් කියන තරුෂි කරුණාරත්න මෙහි මීටර් 600 ඉසව්වේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීම උදෙසා සටහන් කළ මිනිත්තු 01.24.84 කාලය පැවති තරග වාර්තාව අභිබවා යාමක් ලෙස පිළිගැනෙන බව සඳහන්.

Share This