තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 160කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා

පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තා

එහිදී නායිකා චමරි අතපත්තු හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 91ක්

එමෙන්ම ඉනිම ශක්තිමත් කරමින් නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 276ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 34 පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 115ක් පමණයි

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරග තුනට බිංදුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් හිමිවුණා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This